
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සාලියවැව පොලිස් වසමට අයත් දුනුමඩලෑව යාය 6 ප්රදේශයේදී කිරි අම්මා සහ සීයා (පියාගේ මව සහ පියා) ඔවුන්ගේ නිවස තුළදීම කපාකොටා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මුණුබුරෙකු අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ යායරි දුනුමඩලෑව ලිපිනයේ පදිංචි, තෙන්නකෝන් මුදියන්සේලාගේ උකුබණ්ඩාගේ මැණික්රාළ (80) සහ තෙන්නකෝන් මුදියන්සේලාගේ මැණික්රාළගේ සුමනාවතී (76) යන අඹුසැමියන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය වන අවස්ථාව වනවිට මියගිය අයවළුන් සහ සැකකරු එකම නිවසේ වාසය කරමින් සිට ඇති බවද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර සාලියවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.(අද)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart