
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උදාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එමගින් උන්වහන්සේ පවසන්නේ කාලයාගේ ඇවෑමෙන් සිංහල අළුත් අවුරුද්දට ඇති අවධානය ජනතාවගෙන් වියැකී යන බවයි.
සූර්යයාගේ මහා මංගල්‍යය වන මෙම අවුරුදු උත්සවයේ වටිනාමක හීන නොකළ යුතු බවත්, සිදුකළ යුතු වන්නේ එය සහෝරත්වයේ මංගල්‍යයක් ලෙස එකමුතුව සැමරීම බවත් අගරදගුරු හිමිපාණන් සිය සුබපැතුම් පණිවිඩයෙන් පවසා තිබේ.
අලුත් අවුරුද්දේ ප්‍රධාන අංගයක් වන්නේ සහෝදරත්වය බවත්, අසල්වැසියන් සමග එක්වී විනෝද වන්නේ අවුරුදු සමයේදී බවත්, එකිනෙකා සමගින් සතුටින් බෙදා හදා ගනිමින් සහෝරත්වයෙන් ජීවත්වීම අලුත් අවුරුද්දේ හරය බවත් උන්වහන්සේ පවසයි.
රට යළිත් වරක් පිරිසිඳු පරිපාලන ව්‍යුවහයක් තුළින් ප්‍රතිපත්තිගරුක සමාජයක් බිහිකිරීමට යළිත් අවස්ථාවක් උදා වී ඇති බවද අගරදගුරු හිමිපාණන් පෙන්වා දෙයි.
එමෙන්ම උන්වහන්සේ පවසන්නේ එම අවස්ථාව ජනතාව ප්‍රයෝජනයට ගත යුතු බව සහ සියලුදෙනා අතර සහෝදරත්වයත්, එකමුතුබවත් ඔස්සේ සියලුදෙනා අත්වැල් බැඳගනිමින් නව වසර තුළ ජීවත්වීමට අධිෂ්ඨාන කර ගත යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart