
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් මිලියන 45 ක් වටිනා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් බැංකොක් සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු අද (14) උදෑසන කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් ගමන් මලු තුළ තිබූ බිස්කට් සහ චිප්ස් පැකට් තුළ මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබේ.
නිලධාරීන් විසින් එහිදී ‘කුෂ්’ ග්‍රෑම් 1,616 ක් සහ ‘හෂිෂ්’ ග්‍රෑම් 1,762 ක් සොයා ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් දෙදෙනකු කොළඹ පදිංචිකරුවන් වන අතර අනෙක් පුද්ගලයා බදුල්ලේ පදිංචිකරුවෙකි.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදීමට පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart