
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රබල සුළං තත්ත්වයක් හමුවේ චීනයේ උතුරු ප්‍රදේශයේ ජන ජීවිතය අඩාළ වී තිබේ.
මෙම සති අන්තයේ උතුරු චීනයට දැඩි සුළං ප්රවාහයක බලපෑම් එල්ල විය හැකි බව කාලගුණ අංශ අනතුරු අඟවා ඇත.
ඒ හමුවේ අවදානම් ප්‍රදේශවල සිටින කම්කරුවන්ට ඉක්මනින් නිවෙස්වලට යන ලෙස දන්වා ඇති අතර, අධ්‍යාපන ආයතනවල කටයුතු ද අත්හිටුවා ඇති අතර, එළිමහන් සිදුවීම් අවලංගු කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
චීනයේ ඇතැම් රාජ්‍ය මාධ්‍ය ආයතන අනතුරු අඟවන්නේ කිලෝග්‍රෑම් 50ට අඩු මිනිසුන් මෙම සුළං ප්රවාහයට හසුවී පහසුවෙන් ගසාගෙන යා හැකි බවයි.
එබැවින් උතුරු දිග චීනයේ මිලියන ගණනකට නිවාස තුළට වී සිටින ලෙස දන්වා තිබේ.
මෙම සීතල සුළිය මොංගෝලියාවේ සිට ගිනිකොන දෙසට ගමන් කරන බැවින් සිකුරාදා සිට ඉරිදා දක්වා බීජිං, ටියැන්ජින් සහ හෙබෙයි කලාපයේ අනෙකුත් ප්‍රදේශවලට පැයට කිලෝමීටර 150 දක්වා සුළං හමායනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දශකයකට පසු ප්‍රථම වතාවට, චීනය මෙලෙස ප්‍රබල සුළං සම්බන්ධයෙන් තැඹිලි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
එය ස්ථර හතරක කාලගුණ අනතුරු ඇඟවීමේ පද්ධතියක දෙවැනි ඉහළම අනතුරු ඇඟවීමයි.
මොංගෝලියාවෙන් හමා එන තද සුළං චීනයට සාමාන්‍ය දෙයක් නොවන නමුත් අපේක්ෂිත සුළං ප්‍රවාහය වසර ගණනාවක සිට දැක ඇති ඕනෑම සුළඟකට වඩා ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පැය 24ක් ඇතුළත බීජිං හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 13කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, සෙනසුරාදා ප්‍රබලම සුළං ඇති වන බව බලධාරීහු පවසති.
“මෙම තද සුළඟ දිගු කාලයක් පවතිනු ඇත. පුළුල් ප්‍රදේශයකට බලපාන අතර එය ඉතා විනාශකාරී වේ,” බීජිං කාලගුණ විද්‍යා සේවය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart