
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සංචාරකයන් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් අමෙරිකාවේ නිව් යෝර්ක් හි හඩ්සන් ගඟට කඩාවැටීමෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනකු මියගොස් තිබේ.
අනතුරින් මිය ගොස් ඇත්තේ ස්පාඤ්ඤ ජාතිකයන් පිරිසකි.
එකම පවුලේ සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුත් පවුලක් එලෙස සංචාරයක් සඳහා නිව් යෝර්ක් වෙත පැමිණ ඇති අතර, මියගොස් ඇති අනෙක් පුද්ගලයා ගුවන් නියමුවා බව නිව් යෝර්ක් නගරයේ නගරාධිපති එරික් ඇඩම්ස් වාර්තාකරුවන්ට පැවැසීය.
අනතුරට හේතුව විමර්ශනය කෙරෙමින් පවතී.
මෙම සිද්ධියේ වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ, හෙලිකොප්ටරය උඩු යටිකුරුව කඩාවැටෙන බව සහ පසුව හඩ්සන් ගඟට විසිරී යන ආකාරයයි.
නිව් ජර්සි වෙරළ තීරය දිගේ පියාසර කිරීම සඳහා ජෝර්ජ් වොෂින්ටන් පාලම අසලදී හෙලිකොප්ටරය හැරීගොස් ඇති අතර පසුව එහි පාලනය ගිලිහී ගොස් තිබේ.
හෙලිකොප්ටරය New York Helicopters සමාගමට අයත් වන අතර එය ගුවන්ගත වී තිබුණේ මෑන්හැටන් හි ඩවුන්ටවුන් ස්කයිපෝට් වෙතින් බව පැවසේ.
අනතුරේ පළමු ඇමතුම ලැබීමත් සමග, ගලවා ගැනීමේ බෝට්ටු වහාම දියත්කළ බව නිව් යෝර්ක් ගිනි නිවීමේ කොමසාරිස් රොබට් ටකර් පැවැසීය.
මුදාගැනීමේ මෙහෙයුම් සඳහා කිමිදුම්කරුවන් ද යොදවා ඇති නමුත් එම සියලු උත්සහයන් අසාර්ථක වී තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, මෙම කඩාවැටීම භයානක බවත්, සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව වැඩි විස්තර ඉක්මණින් නිකුත් කරන බවත්ය.
“විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ මිතුරන්ට දෙවියන් වහන්සේ ආශීර්වාද කරයි,” යනුවෙන් ජනාධිපතිවරයා Truth Social හි සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart