
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියානු ඇමෙරිකානු ජාතික අජේ බංගා ලෝක බැංකුවේ සභාපතිවරයා ලෙස වැඩ භාරගෙන තිබේ.
ලෝක බැංකුව සහ අන්තරජාතික මූල්‍ය අරමුදල යන ගෝලීය මූල්‍ය ආයතන දෙකෙහි මුල් පුටුවට පැමිණි ප්‍රථම සුදු හමක් රහිත පුද්ගලයා අජේ බංගා බව විදෙස් ජනමාධ්‍ය ඉස්මතු කර වාර්තා කර තිබේ.
පසුගිය මැයි 03 වැනිදා, ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂවරු, 63 හැවිරිදි බංගාව පස් අවුරුදු ධූර කාලයක් සඳහා ලෝක බැංකුවේ 14 වැනි සභාපතිවරයා ලෙස තෝරා ගත්හ.
පෙබරවාරියේ දී ජනාධිපති ජෝ බයිඩෙන් නිවේදනය කළේ, එක්සත් ජනපදය ලෝක බැංකුවේ නායකත්වය සඳහා බංගා නම් කරන බවයි.
“ලෝක බැංකු සමූහයේ නව සභාපති ලෙස අජේ බංගා පිළිගැනීමට අප හා එක්වන්න. ජීවත්වීමට සුදුසු ග්‍රහලෝකයක දරිද්‍රතාවයෙන් තොර ලෝකයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු,” ලෝක බැංකුව සිය බැංකු මූලස්ථානයට ඇතුළු වන බංගාගේ පින්තූරයක් සමඟ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.
බංගා ලෝක බැංකුවේ ප්‍රධානියා බවට පත් වූ පළමු ඉන්දියානු-ඇමරිකානුවා බවට පත්ව ඇත. ඔහු පෙබරවාරි මාසයේදී ඉවත් වීමට තීරණය කළ ඩේවිඩ් මැල්පාස් වෙනුවට එම තනතුර භාරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart