
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අමෙරිකාව සහ චීනය අතර පවතින තීරුබදු යුද්ධය තවත් තීව්ර කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා පනවා ඇති තීරුබදු තවදුරටත් ඉහළ නංවා තිබේ.
ඒ අනුව විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, චීන ආනයන සඳහා එක්සත් ජනපදයේ සමස්ත තීරුබදු ප්‍රතිශතය මේවනවිට සියයට 145ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විධායක නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇත්තේ, තීරුබදු සියයට 84 සිට සියයට 125 දක්වා ඉහළ නැංවීමෙන් අනතුරුවය.
ඒ අනුව, ට්‍රම්ප් මීට පෙර චීනය මත පනවන ලද ෆෙන්ටැනයිල් ආශ්රිත ආනයනයන් ඉලක්ක කර ගනිමින් පැනවූ තීරුබදු 125% අනුපාතය ඉහළට තල්ලු කරමින් තවත් අතිරේක සියයට 20 ක තීරුබද්දක් පනවා තිබේ.
කෙසේවෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉකුත් බදාදා අවම වශයෙන් දින 90ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි ඔහු විසින්ම මීට පෙර පනවා තිබූ ඉහළ තීරු බදු ආපසු හැරවීය.
කෙසේවෙතත්, ඔහු චීනය මත පීඩනය වැඩි කළ අතර චීනයට එම සහනය හෝ විරාමය අදාළ නොවේ.
කෙසේවෙතත් චීනය ද මේ වනවිට එකට එක කිරීමක් ලෙස අමෙරිකානු ආනයන සඳහා සියයට 84ක තීරු බද්දක් පනවා තිබේ.
එමෙන්ම චිනය පවසන්නේ දොර විවෘතව පවතින නමුත් ඒ තර්ජන සඳහා නොවන බවයි.
චීනයේ වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් අවධාරණය කළේ චීනය සංවාදයට විවෘතව පවතින අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාවයේ පදනම මත පමණක් සාකච්ඡා සිදුවනු ඇති බවයි.
පීඩනය, තර්ජන සහ බලහත්කාරය චීනය සමඟ කටයුතු කිරීමට නිවැරදි මාර්ගය නොවන බවත්, ප්‍රකෝප කළහොත් චීනය අවසානය දක්වා සටන් කරන බවද ඔහු අවධාරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart