
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව තුළ දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ලබන වසරේ ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත්, හාවර්ඩ් (Harvard) සහ MIT වැනි කීර්තිමත් ආයතන ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා ප්රමුඛ දේශගුණික විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලයේ නිලධාරීන් සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සඳහා අන්තර්ජාතික පිළිගැනීමකට ලක්වූ විද්‍යාඥයන් 130 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ වන විට හඳුනාගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. එම විද්‍යාඥයන්ගේ අන්තර්ජාතික සබඳතා මෙම විශ්වවිද්‍යාලයේ ක්‍රියාකාරිත්වය සඳහා දායක කර ගැනීම අරමුණයි.
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහා සහාය වීමට කොරියානු එක්සිම් බැංකුව ද මේ වන විට ඉදිරිපත්ව සිටින අතර, හාවඩ් සහ එම්.අයි.ටී. (MIT) වැනි කීර්තිමත් ආයතන ද මෙම විශ්වවිද්‍යාලය සමග සම්බන්ධවිමට කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.
දේශගුණික විපර්යාස පිළිබඳ අන්තරජාතික විශ්වවිද්‍යාලය පර්යේෂණ සඳහා පමණක් වෙන් වන පශ්චාත් උපාධි ආයතනයක් වන බව පැවසූ ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස ක්ෂේත්රයේ සියලු ඉදිරි පර්යේෂණ මෙම ආයතනයේදී පැවැත්වීමට කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart