
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඉන්දු -ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කරන බවත්, සහයෝගීතාවයේ නව මාර්ග පිළිබඳව සාකච්ඡා කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.
සිය ශ්‍රී ලංකා සංචාරය අතීතයේ අත්තිවාරම් මත ගොඩනැගෙනු ඇති බවත්, ජනතාවගේ සහකලාපයේ පුළුල් යහපත සඳහා සමීප සබඳතා ශක්තිමත් කිරීමට දායක වනු ඇති බවට තමා විශ්වාස කරන බවත් අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“මම අප්‍රේල් 04-06 දක්වා ශ්‍රී ලංකාවේ දෙදින සංචාරයක යෙදෙනවා. මෙය සිදු කෙරෙන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ ජනාධිපති දිසානායකගේ ඉතා සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුවයි. ‘බෙදාගත් අනාගතයක් සඳහා හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම’ යන ඒකාබද්ධ දැක්මේ ඇති ප්‍රගතිය සමාලෝචනය කිරීමට සහ අපගේ බෙදාගත් අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තවදුරටත් මග පෙන්වීමක් ලබා දීමට මෙමගින් අපට අවස්ථාව ලැබෙයි.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart