
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට ඉන්දියාවට යවන මිලියන ගණනක් ටයර් තාවකාලික උදුන්වල දහනය බරපතල සෞඛ්‍ය ගැටලු සහ විශාල පාරිසරික හානියක් සිදුකරන බව බීබීසී පුවත් සේවය අනාවරණය කර ඇත.
එක්සත් රාජධානියේ අපනයනය කරන ලද අපද්‍රව්‍ය ටයර්වලින් බහුතරයක් ඉන්දියානු කළු වෙළඳපොළට විකුණනු ලබන අතර, මෙය කර්මාන්තය තුළ ප්‍රසිද්ධ කරුණක් බව ”බීබීසී ෆයිල් ඔන් 4 ඉන්වෙස්ටිගේට්ස්” වැඩසටහන පවසයි.
බ්‍රිතාන්‍යයේ විශාලතම ටයර් ප්‍රතිචක්‍රීකරණ කම්හලක හිමිකරු බව පැවසෙන එලියට් මේසන් නමැත්තා පවසන්නේ, එය සිදුවෙමින් පවතින බව නොදන්නා කිසිවකු කර්මාන්තයේ ඇතැයි තමන් නොසිතන බවයි.
ටයර් ප්‍රතිසාධන සංගමය සහ එම කර්මාන්තයේ යෙදෙන බොහෝ අය මේ ආකාරයෙන් භාවිතය සඳහා අපද්‍රව්‍ය ටයර් අපනයනය කිරීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය නරකම වැරදිකරුවකු බව රජය දන්නා බව ද ඔහු පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart