
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) සමාගමේ ශ්‍රී ලංකාවේ දේශීය කළමනාකාර හවුල්කරු ලෙස කටයුතු කරන දුමින්ද හුලංගමුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශකවරයකු ලෙසද කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කනස්සල්ල පළ කර තිබේ.
මන්ත්‍රීවරයා පෙන්වාදෙන්නේ, මෙම තනතුරු දෙකම නියෝජනය කිරීම ‘ලැදියාවන් අතර ගැටුමක්'(conflict of interest) නිර්මාණය කරන බවයි.
සිය X සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත්තේ, රටේ විශාලතම මූල්‍ය උපදේශන සමාගමකට නායකත්වය දෙමින්, අනෙක් පසට අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) සමඟ ශ්‍රී ලංකාව කරගෙන යන සාකච්ඡාවලට අදාළ සියලු දත්ත සහ උපාය මාර්ග වෙත ප්‍රවේශය ලබාගෙන තිබීම ගැටලුසහගත බවයි.
“EY සමාගම ඇපල් යුෂ සමාගමක් නම්, එය කමක් නැත. නමුත් එය ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය උපදේශන සමාගම බව ඔහුම පවසනවා” මන්ත්‍රීවරයා සඳහන් කරයි.
දෙරණ සමඟ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් දුමින්ද හුලංගමුව පසුගියදා ප්‍රකාශ කරන ලද්දේ, ඔහුගේ වත්මන් තනතුරුවල ලැදියාවන් අතර ගැටුමක් නොමැති බවයි.
ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ බදු ප්‍රතිපත්ති වෙනස්කම් ප්‍රකාශ කරන තුරු තම සමාගම තුළ සේවකයන් ඒ පිළිබඳව නොදැන සිටි බවත්, සංවේදී තොරතුරු සේවාදායකයන් සමඟ බෙදා නොගන්නා බවත් ඔහු පැවැසීය.
හුලංගමුව ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ලෙසද කටයුතු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart