
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ප්රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අනුව බව වාර්තාවේ.
ඒ අනුව, මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ වෙනත් පුද්ගලයන් කිහිපදෙනකු විසින් පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ පැමිණිලිවලට අදාළව නොවන බව අනාවරණය වේ.
අදාළ පැමිණිල්ලට අනුව නතාශා එදිරිසූරිය රටින් පිටවීමට පැමිණයහොත් රඳවා ගන්නැයි, පොලීසිය කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ නිලධාරීන් දැනුවත් කර තිබේ.
අදාළ දැනුවත් කිරීම පරිදි ඊයේ (27) රාත්රියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට ගුවන්තොටුපොළ වෙත පැමිණි නතාෂා එදිරිසූරිය ගුවන්තොටුපොළට නිලධාරීන් විසින් රඳවාගෙන ඇත.
පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුව ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව, බුදු දහමට අපහාසයක් වන ආකාරයේ ප්රකාශයක් කිරීමේ චෝදනා අධිකරණයට ඉදිරිපත් කළ නටාෂා එදිරිසූරිය ලබන ජූනි 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart