
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආයෝජන මණ්ඩල කලාපයක් තුළ ගංජා වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විශේෂඥ කමිටුවක අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලැබී තිබේ.
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා ආයෝජන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේය.
මෙම නියමු ව්‍යාපෘතිය කටුනායක කලාපයෙන් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිත අතර නියමු ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා ආයෝජකයන් සහ විශේෂඥයන් සමඟ සාකච්ඡා කෙරමින් පවතී.
“විද්වත් කමිටු වාර්තාව ඔස්සේ අපිට බලය ලබාදීලා තියෙනවා. නියමු ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට උපදෙස් ලැබී තිබෙනවා” යැයි රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසයි.
“ව්‍යාපෘතිය සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන්ට ගංජා වගා කර එයින් නිෂ්පාදනයක් බිහිකර පෙන්වීමට සිදුවෙනවා. ඒක රටට ආදායමක්” රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට සිදුවන බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart