
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්රිකුණාමලය සංඝමිත්තා විහාරස්ථානය ආශ්රිත වෙරළ තීරය ආසන්නයේ පිහිටි මුවන් නැරඹුම් ස්ථානයකට පැමිණි යුවළකට මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු විසින් තර්ජනය කර ඔවුන් සතු දේපල කොල්ලකා තිබේ.
පොලිසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ මෙම අඹුසැමි යුවල එම ස්ථානයට ගොස් ඇති අතර, සැකකරුවන් විසින් ඔවුන්ට තර්ජනය කර ඔවුන් සතුව තිබූ මෝටර් රථය, මුදල් සහ ස්වර්ණාභරණ කොල්ලකා ඇති බවයි.
ත්රිකුණාමලය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර අනතුරුව සිදුකළ වැටළීමකදී සැකකරුවන් දෙදෙනකු කින්නියා පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 34 සහ 35 යන වයස්වල පසුවන ත්රිකුණාමලය ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
වැටළීමේදී සොරාගත් මෝටර් රථය, සැකකරුවන් පැමිණි මෝටර් රථය සහ ජංගම දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
සොරාගත් භාණ්ඩ සන්තකයේ තබාගෙන සිටින මේවනවිට පළාගොස් ඇති අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ත්රිකුණාමලය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart