
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුද්ධ හමුදා සෙබළකු විසින් සිය නැගෙණිය ලිංගික අතවරයට ලක්කිරීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිසිය විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් අකර ඇති අතර, එම සැකකරු මාර්තු මස 20 වැනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.
කහටගස්දිගිලිය පොලිසිය විසින් පසුගිය 2025.03.10 වැනි දින කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව අනුව එම 34 හැවිරිදි සැකකරු මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කර තිබේ.
පසුගිය 09 වැනිදා කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත, වැඩිමහල් සොහොයුරා විසින් එක් දරු මවක් වූ සිය නැගණිය ලිංගක අතවරයට ලක්කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇත.
කහටගස්දිගිලිය, අන්දරගොල්ලෑව ප්රදේශයේ පදිංචි, ශ්රී ලංකා ගජබා රෙජීමේන්තුවට අයත් කැබිතිගොල්ලෑව කදවුරේ සේවය කළ සෙබෙළකු වන මෙම සැකකරු, ඒ අනුව එදින අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කහටගස්දිගිලිය පොලිසිය සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart