
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බස්රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියාකිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළ කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
“මෝටර් රථ පනතේ විධිවිධාන ප්‍රකාරව නිකුත් කරනු ලබන නියෝගයන්ට අනුගතව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව වාහනවල නිර්මාණය (Design) වෙනස් කිරීම සහ වාහන විකරණය (Modification) කිරීම සිදු කළ හැකිය. ඒ අනුව, 1983 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද මෝටර් වාහන (තැනීම්) නියෝග වරින්වර සංශෝධනය කරමින්, වාහන විකරණය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් රෙගුලාසි ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එහෙත්, පසුගිය කාලයේදී එවැනි නියෝග මඟින් ප්‍රකාශිත වාහන උපාංග සවි කිරීම් සහ නිර්මාණය වෙනස් කිරීම්වලට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අභ්‍යන්තර ක්‍රමවේද ඔස්සේ බස්රථ සැරසිලි සහ උපාංග විකරණය සඳහා මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර අභ්‍යන්තර චක්‍රලේඛයක් ද නිකුත් කරනු ලැබ ඇත. එහෙත්, ඊට අදාළව මෝටර් රථ පනතේ විධිවිධාන පරිදි අදාළ නියෝග ප්‍රකාශයට පත් කිරීමක් සිදු කර නොමැත. එබැවින්, මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන, බස්රථ සැරසිලි හා උපාංග හේතුවෙන් බස්රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාවට ඇති විය හැකි බලපෑම පිළිබඳ අධ්‍යයනය කර, ඒ සම්බන්ධයෙන් විධිමත් පරිදි ක්‍රියාකිරීම සඳහා නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන නියෝජනය වන පරිදි නිලධාරි කමිටුවක් පත් කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart