
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ මෙයහෙයුම් වේගවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයි.
The Sunday Morning වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, දැනට නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව සිටින දේශබන්දු තෙන්නකෝන්ට රැකවරණය ලබාදීම හෝ උපකාර කිරීම සම්බන්ධයෙන් සොයාගන්නා ඕනෑම අයකු දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ වරදකරුවකු වන බවයි.
“දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ අපරාධයක් කළ බව දන්නා පුද්ගලයකුට ආධාර අනුබල දීමත් අපරාධයක්, ඔහු අවශ්‍ය පුද්ගලයකු බවට තොරතුරු පුළුල් ලෙස ප්‍රසිද්ධ කර ඇති නිසා ඔහු අවශ්‍ය අයකු බව සියලුදෙනා දන්නවා. අපරාධකරුවකුට රැකවරණය දීම අපරාධයක් වන අතර එසේ කරන ඕනෑම අයෙකු අපි අත්අඩංගුවට ගන්නවා.” ඔහු පවසයි.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණයෙන් නියෝගයක් නිකුත් කිරීමත් සමඟ ඔහු කුමන තනතුරක් දැරුව ද දැන් ඔහුට විශේෂ සැලකිලි නොලැබෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කරයි.
“පොලිසිය ඔහුට වෙනස් ලෙස සළකන්නේ නැහැ. උසාවියෙන් නියෝගයක් දීලා තියෙනවා. අපි ඒකට අවනත වෙන්න ඕනේ. පොලිසිය විමර්ශනය කරන විට, සාමාන්‍යයෙන් කණ්ඩායම් කිහිපයක් යොදවනවා. නමුත් මෙම සෝදිසි කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වන්නේ. ඔවුන්ට ඔවුන්ගේ පරීක්ෂණ පැවැත්වීමේ ක්‍රමයක් තිබෙනවා. ඔවුන්ගේ කාර්යයේ රහස්‍යභාවයක් ඇති නිසා ඔවුන්ගේ උත්සාහයන් පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිකිරීමට මට හැකියාවක් නැහැ. විමර්ශනවලට සම්බන්ධ නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීම ඔවුන්ගේ උපාය මාර්ගවලට ඇතුළත් විය හැකියි” ඔහු පැහැදිලි කර ඇත.
දේශබන්දු තෙන්නකෝන්ට රටින් පිටවීම වැළැක්වීම සඳහා නීතිමය මාර්ග ඔස්සේ ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.
“ ඔහු නීතිමය මාර්ගවලින් රට හැරගොස් නොමැති බවට අපට විශ්වාසයි. කෙසේවෙතත්, රටින් පැනයෑමට නීතිවිරෝධී ක්‍රම භාවිත කරන ඇතැමුන් සිටින අතර, හැකි සෑම මාර්ගයක්ම අපි නිරීක්ෂණය කරමින් සිටිනවා” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart