March 8, 2025

අක්කර 5ට අඩු පොල්වතු හිමියන්ට පොහොර සහනාධාරයක් ලබා දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

රුසියාවෙන් නොමිලේ ලැබුණු එම්.ඕ.පී පොහොර මෙට්‍රික් ටොන් 55,000න් මෙට්‍රික් ටොන් 27,500ක් ඒ සඳහා යොදා ගනිමින් මිශ්‍රිත පොහොර මෙට්‍රික් ටොන් 56,000ක් සකස් කෙරෙන බව අමාත්‍යවරයා පැවසුවේය.

රුපියල් 9500ක් වන කිලෝග්‍රෑම් 50ක මිශ්‍රිත පොහොර මිටිය රුපියල් 4,000ක සහන මිලකට රට පුරා සිටින පොල් වගාකරුවන්ට මේ මාසය අග වනවිට ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේදී පැවැති වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.