
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ජන බලවේගය විසින් මැතිවරණයට ඉදිරිපත් කර බහුතර ජනතා අනුමැතියක් ලබාගත් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඊට අදාළව සම්මත කරගත් කැබිනට් යෝජනාව පහතින් දැක්වේ.
‘ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් මඟින් වසර 2030දී ඇමෙරිකානු ඩොලර් බිලියන 120ක මූර්ත දළ දේශීය නිෂ්පාදනයක ඉලක්කයක් සහිතව තිරසර ආර්ථික වෘද්ධියක් සහ සංවර්ධනයක් අරමුණු කර ගනිමින්, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබේ. එය ආර්ථික, සමාජීය, පාරිසරික හා දේශපාලනික ඇතුළු සියලු අංශ නියෝජනය වන පරිදි පහත සඳහන් ප්‍රධාන ක්ෂේත්‍ර 04ක් යටතේ ගොනු කොට ඇත:
* පරිසමාප්ත ජීවිතයක් – සුවපහසු රටක්
* ගෞරවනීය ජීවිතයක් – සුරක්ෂිත රටක්
* නවීන ජීවිතයක් – පොහොසත් රටක්
* අභිමානවත් ජීවිතයක් – නොසැලෙන රටක්
එම ප්‍රධාන ක්ෂේත්‍ර 04 යටතේ උප ක්ෂේත්‍ර 40ක් හඳුනාගෙන ඇති අතර, එම ක්ෂේත්රයන්ට අදාළ ප්‍රතිපත්ති මූලධර්ම සහ ගත යුතු ක්‍රියාමාර්ග වෙන් වෙන් වශයෙන් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව, “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමටත්, සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසින් ඔවුන්ගේ කාර්යයන් ඒ අනුව සැලසුම් කර ක්‍රියාත්මක කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart