March 4, 2025

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වැඩිදියුණු කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේම මුලපිරීම් සඳහා අඛණ්ඩව සහාය දෙන බව ජපානය පවසයි.

ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයට සහභාගි වන ජපාන නියෝජිත පිරිස ඒ බව පවසමින් පෙන්වා දී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ජාතික සංහිඳියාව සඳහා ගෙන ඇති පියවර ජපානය සාදරයෙන් පිළිගන්නා බවයි.

ශ්‍රී ලංකාවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන රාමුව ශක්තිමත් කරමින්, උතුර සහ නැගෙනහිර පළාත්වල යටිතල පහසුකම් සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා සක්‍රීයව සම්බන්ධ වෙමින් දේශීය යාන්ත්‍රණයක් මත ශ්‍රී ලංකාව ගන්නා පියවර සාදරයෙන් පිළිගන්නා බව ද ජපානය එහිදී පවසා තිබේ.

එමෙන්ම ජපානය පෙන්වා දී ඇත්තේ, සමාජ-ආර්ථික වශයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට බලපා ඇති ආර්ථික අර්බුදයේ සමස්ත බලපෑම් සහ ඒ ආශ්‍රිත කප්පාදු පියවරයන් සඳහා වන්දි ගෙවීම සඳහා සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයන් ද පිළිගන්නා බව ජපානය පවසයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සමස්ත හා ප්‍රත්‍යක්ෂ ලෙස වැඩිදියුණු කිරීමට සහ ජාතික සංහිඳියාවට දායක වන විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව විසින් ගන්නා ලද මුලපිරීම්වලට අඛණ්ඩව සහාය දෙන බව ද ජපානය වැඩිදුරටත් පවසා තිබේ.