
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා රුපියල 2023 වසර ආරම්භයේ සිට මැයි 19 වැනිදා දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 18.7 % කින් අධිප්‍රමාණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරයි.
මෙම කාලසීමාව ඇතුළත අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකට සාපේක්ෂවද ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණ වී තිබේ.
ඒ අනුව, ජපාන යෙන් එකකට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4%කින්, යුරෝ එකකට සාපේක්ෂව 17.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7%කින් අදාළ කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණ වී ඇත.
2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart