
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස්වීම් ලබාදී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ (නිත්‍ය හා ස්වේච්ඡා බළකායේ) නිලධාරීන් 402ක් සහ සෙසු නිලයන් 3,348ක් සඳහා, 14 වැනි ජාතික රණවිරු දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔවුන්ගේ ඊළඟ නිලයන් වෙත උසස් කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ විසින් ලබාදුන් නිර්දේශ මත මෙම උසස්වීම් සිදු කර ඇත.
ඒ අනුව, බ්‍රිගේඩියර්වරුන් 07 දෙනකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල්වරුන් 19 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිනන් කර්නල්වරුන් 29 දෙනකු කර්නල් නිලයට, මේජර්වරුන් 33 දෙනකු ලුතිනන් කර්නල් නිලයට, 09 දෙනකු මේජර් නිලයේ සිට තාවකාලික ලුතිනන් කර්නල් නිලයට, කපිතාන්වරුන් 115 දෙනෙකු මේජර් නිලයට, කපිතාන්වරුන් (QM) 03 දෙනකු මේජර් (QM) නිලයට, ලුතිනන්වරුන් 97 දෙනකු කපිතාන් නිලයට සහ දෙවන ලුතිනන්වරුන් 90 දෙනකු ලුතිනන් (සාමාන්‍ය බලසේනා සහ ස්වේච්ඡා බලකා) නිලයට ද, 2023 මැයි 19 දින සිට බලපැවැත්වෙන පරිදි උසස් කර තිබේ.
එසේම මාණ්ඩලික සැරයන් සහ කෝප්රල් ඇතුළු තවත් නිලයන් කිහිපයකට අදාළ වන පරිදි මෙම උසස්වීම් ලබාදීමට පියවර ගෙන ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 1731 දෙනකුටද උසස්වීම් ලබාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart