
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මන්නාරම මහ රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
රෝහල් වාර්තා අනාවරණය කරන ආකාරයට මෙම විශේෂඥ වෛද්‍යවරයා දැනුම්දීමකින් තොරව සේවයෙන් ඉවත්ව ඇත.
දින කිහිපයක් සිට ඔහුගේ දුරකතනයද අක්‍රියව ඇති බව පැවැසේ.
ඔහු සේවයෙන් ඉවත්ව ඇති බව තහවුරු කෙරෙන පණිවිඩයක් මිතුරකුගේ දුරකතනයකට යොමුකර ඇති බව වාර්තා සඳහන් කරයි.
මෙම ගැටලුව හේතුවෙන් මන්නාරම රෝහලේ ළමා වාට්ටුවේ කටයුතු සම්පුර්ණයෙන්ම අඩපණ වී ඇති අතර, ගැබිණි මව්වරුන් සහ බිළිඳුන් වව්නියාව මහ රෝහලට මාරුකර යව ඇතැයි වාර්තා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart