
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂෙයෝපූර් දිස්ත්‍රික්කයෙන් ඛේදජනක සිදුවීමක් වාර්තා වේ.
27 හැවිරිදි මනාලයකු හෘදයාබාධයක් හේතුවෙන් අශ්වයකුගේ පිටෙන් ඇදවැටී මියගොස් ඇත.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා අනුව, ප්‍රදීප් ජාට් ලෙස හඳුනාගෙන ඇති මනාලයා සූන්ස්වාඩා ගම්මානයේ පදිංචිකරුවෙකි.
ඔහු පළමුව සිය මනාලියගේ නිවසට මංගල පෙරහරින් පැමිණ එහි සංවිධාන කර තිබූ සංගීත් උත්සවයට සහභාගී වී නර්තනයෙ යෙදී පසුව ආපසු අශ්වයා පිටට නැගීමෙන් අනතුරුව ඇදවැටී මියගොස් තිබේ.
මනාලයා ඇදවැටීමත් සමග කලබල වූ පිරිස ඔහු විඩාව නිසා ඇදවැටී ඇතැයි සිතා මූලික ප්‍රතිකාර ලබා දී ඇති අතර නමුත් පසුව මනාලයා සිහිසුන් තත්ත්වයෙන් සිටීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
එහිදී වෛද්‍යවරුන් තහවුරු කර ඇත්තේ රෝගියා රෝහලට රැගෙන එනවිටත් මියගොස් සිට ඇති බවයි.
මංගල උත්සවයේදී ඇතිවූ හෘදයාබාධයක් මරණයට හේතුව බව ද පැවසේ.
මීට දින කිහිපයකට පෙර මධ්‍ය ප්‍රදේශ් හි මෙවැනිම සිදුවීමක් වාර්තා වී ඇති අතර එහිදී 23 හැවිරිදි තරුණියක් ඇගේ ඥාති සොහොයුරියගේ මංගල උත්සවයක නටමින් සිටියදී හදිසියේම ඇදවැටී මියගොස් තිබිණි.
එයද හෘදයාබාධයක් හේතුවෙන් සිදුව ඇති බව පසුව අනාවරණ වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart