
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දක්ෂතා දැක්වූ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේදි පැවැත්වෙන ‘ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
ඒ අනුව, රෝමේෂ් කළුවිතාරණ, උපුල් තරංග, ජීවන් මෙන්ඩිස්, ධම්මික ප්‍රසාද්, ඉසුරු උදාන, ඩිල්රුවන් පෙරේරා, අසේල ගුණරත්න, සීක්කුගේ ප්‍රසන්න, නුවන් ප්‍රදීප්, ලහිරු ති#රිමාන්න, සුරංග ලක්මාල්, චතුරංග ද සිල්වා, චින්තක ජයසිංහ, අෂාන් ප්‍රියන්ජන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබති.
ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරගාවලිය ලබන 22 වැනිදා ආරම්භ වන්නේ, ශ්‍රී ලංකාව සහ ඉන්දිය කණ්ඩායම අතර මුම්බායි හි පැවැත්වෙන තරගයෙනි.
එදිින මෙරට වේලාවෙන් රාත්‍රි 7:30ට තරගය ආරම්භ වීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සහ ඒවායේ නායකයෝ :
ශ්‍රී ලංකාව – කුමාර් සංගක්කාර
ඉන්දියාවට – සචින් තෙන්දුල්කාර්
බටහිර ඉන්දිය කොදෙව් – බ්‍රයන් ලාරා
එංගලන්තය – ඉයන් මෝගන්
දකුණු අප්‍රිකාව – ජැක් කලිස්
ඕස්ට්‍රෙලියාව – ශේන් වොට්ස්න්
‘ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග්’ ක්‍රිකට් තරගාවලිය ලබන මස 16 වැනිදා දක්වා පැවත්වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart