
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු විවාදයට පෙරාතුව, ඔහුට සහාය පළකරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කෙරී ඇත.
‘ශ්‍රී ලංකාවේ විදුලිය භාවිතා කරන්නන්’ නම් කණ්ඩායමක් මෙම ‘ඔන්ලයින්’ පෙත්සම සකස් කර තිබේ.
https://chng.it/QQ672x29cy හි ඇති මෙම මාර්ගගත පෙත්සමට 200 කට වැඩි පිරිසක් අත්සන් කර ඇත.
පසුගිය සතියේ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර විසීම් ජනක රත්නායක එම තනතුරින් ඉවත් කිරීමට යෝජනා කරමින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළ අතර, ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය මැයි 24 වැනිදා පැවැත්වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart