February 13, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වාසය කරන විජේරාම නිල නිවසේ ආරක්ෂකයන් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇතැයි ‘අද දෙරණ’ වාර්තා කරයි.

රුපියල් ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා රැඳී සිටින කොටසේ ජල සැපයුම විසන්ධි කර නොමැති බව වාර්තා සඳහන් කරයි.

හිටපු ජනාධිතිවරයාගේ නිල නිවසේ ජල සැපයුමට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසා තිබේ.