
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ පිරිසක් විසින් අඟුණුකොලපැලැස්ස උස්වැව ගැමි දිරිය ප්‍රජා ශාලාවේදී සංවිධානය කර තිබූ ‘ගොවි සමුළුවකට’ පිරිසක් විරෝධය පළකිරීම හේතුවෙන් අද අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වී තිබිණි.
විරෝධය එල්ල වන විට ජාතික ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු විමල් වත්තුහේවා සමුළුව ඇමතීමට නියමිතව තිබූ බව වාර්තා වේ.
එම අවස්ථාවේදී ප්‍රජා ශාලාවට කඩාවැදුණු පිරිස පවසා ඇත්තේ වැඩසටහන සංවිධානය කර තිබූ ජාතික ගොවිජන සම්මේලය පෙරටුගාමි පක්ෂයේ අනුබද්ධ ආයතනයක් බවයි.
සමුළුව පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබී ඇති අතර, පෙරවරු 10.30 පමණ වනවිට ගොවීන් හතරදෙනෙකු සහ සංවිධායකයන් පමණක් එම ස්ථානයට පැමිණ සිටි බව වාර්තා වේ.
මේ අතර එම ස්ථානයට කඩාවැදුණු 60 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් එහි සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ අතර, එහිදී ගොවීන් දැනුවත් කිරීමේ සමුළුවක් පැවැත්වෙන බව සංවිධායකයන් පැවසීමත් සමඟ දෙපාර්ශවය අතර බහින්බස්වීමක් ඇති වී නොසන්සුන්කාරී තත්ත්වයක් වර්ධනය වී තිබේ.
ආණ්ඩුව බලයට පත්වී තවමත් මාස තුනක කාලයක් පමණක් ගතවී ඇති බවත්, ගොවීන්ට බලපාන ගැටලුවලට විසඳුම් ලබාදෙමින් පවතින බවත් එහිදී විරෝධතාකරුවන් ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුවේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට මෙම සමුළුවේ සංවිධායකයන් උත්සාහ කරන බවට ඔවුන් චෝදනා කර ඇති අතර එම සමුළුව වහාම අත්හිටුවන ලෙස ද සංවිධායලයින්ගෙන් ඉල්ලා තිබේ.
සංවිධායකයන් මුදලට ‘බැසිල්’ වෙනුවෙන් කටයුතු කරන බවට ද විරෝධතාකරුවන් චෝදනා කර ඇති අතර, එම පිරිස සමග සිටි ගොවි සංවිධාන නියෝජිතයන් කිහිපදෙනෙකු කියාසිටියේ ගොවි සමුළුව පිළිබඳව තමන් දැනුවත් කර නොමැති බවයි.
මෙම සමුළුවට විරෝධය පළකළ පිරිස අතර සිටි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සුනිල් රත්නායක කියාසිටියේ රජය වී සඳහා ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයාටද පිළිගත හැකි සාධාරණ සහතික මිලක් ලබාදී ඇති බවයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart