
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනුරාධපුර වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ දේපොළ සොරාගන්නා මත්කුඩුවලට ඇබ්බැහිවූකු අත්අඩංගුවට ගැනීමට ගිය උඩමළුව පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරයකුගේ කණේ කොටසක් වෙන්වන්නට එම මත්කුඩුලෝලියා සපා කා ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කළේය.
මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ (10) උදෑසන කාලයේදී ශ්රී මහා බෝධියේ සිට රුවන්වැලි සෑය දෙසට ගමන් කිරීමට ඇති පෙත්මග ආසන්නයේදීය.
බැතිමතුන්ගේ දේපොල සොරාගන්නා මත්කුඩු ලෝලියකු වන ‘ජැකා’ නමැත්තා එම ප්රදේශයේ සැරිසරන බවට උඩමළුව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සරත් ධර්මසිරිට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂකවරයා එම ස්ථානයට ගොස් ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
ඒ යන විටත් ඔහු බැතිමතුන් පිරිසක් පසුපසින් ගමන් කරමින් යම් අපරාධයකට සූදානමින් සිට ඇතැයි උප පොලිස් පරීක්ෂකවරයාට නිරීක්ෂණය වී ඇත.
ඒ අනුව එම අපරාධය වළක්වමින් ඔහුව පරීක්ෂා කිරීමට උපපොලිස් පරීක්ෂකයා සූදානම් වන අවස්ථාවේදී ඔහු නිලධාරියා සමඟ පොරබදා ඇතැයි අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එහිදී සැකකරු නිලධාරියාගේ කණ සපාකා ඇතැයිද එම නිලධාරියා කීය.
සපාකෑමෙන් මෙම නිලධාරියාගේ කණහි කොටසක්ද වෙන්වී ඇත.
තමාගේ කණෙන් කොටසක් අහිමිවූවත් සැකකරුට පළායෑමට ඉඩනොදී අත්අඩංගුවට ගැනීමට උප පොලිස් පරීක්ෂකවරයා පියවර ගෙන තිබේ.
සැකකරු අනුරාධපුර සංඝමිත්තා මාවතේ පදිංචි අවුරුදු 37ක් වයසැති අයෙක් බව පොලිසිය කියයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart