February 11, 2025

සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් අද ඩුබායි සිට පැමිණෙමින් සිටියදී බණ්ඩාරනායක අන්තර්ජාති ගුවන් තොටුපලේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලපෑම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙනි.

ඩෑන් ප්‍රියසාද් ලංකාවට පැමිණීමට පෙර මාස කිහිපයක් ඩුබායි හි පදිංචිව සිට ඇතැයි වාර්තා වේ.

ඔහුට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය පවසයි.