
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරාය භූමියෙන් හමු වූ සමූහ මිනීවළවල් තුළ මේ වන තෙක් සිදුකළ කැණීම්වලින් පුද්ගලයන් 16 දෙනකුගේ ඇටසැකිලි හඳුනාගෙන ඇති බවත්, ඒ අතර කුඩා දරුවන් දෙදෙනකුගේ ඇටසැකිලිද තිබීම විශේෂත්වයක් බවත් පුරාවිද්‍යාඥ, මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
මේ සමූහ මිනීවළ ක්‍රමවත් සුසාන භූමියක් නොවන බවද, එම සිරුරු තැන්පත් කර ඇති අයුරින් ඔවුන් ඝාතනයට ලක් වූ ස්වරූපයක් පෙනෙන්නට තිබෙන බවද පැවසූ මහාචාර්යවරයා, විද්‍යාත්මක පරීක්ෂා කිරීමකින් අනතුරුව මේ සිදුවීම්වලට අදාළ කාලය නිර්ණය කළ හැකි බවත්, අධිකරණයේ දැනුවත් කිරීම අනුව වාර්තා සපයන බවත් ප්‍රකාශ කළේය.
මේ වන විට ඇටසැකිලි 13ක් හඳුනාගෙන ඇති බවත්, ඊට අමතරව කැඩීබිඳී ගිය කොටස් සැළකියව යුතු ප්‍රමාණයක් හමු වී ඇති බවත් ඔහු කියාසිටියේය.
එසේම තවත් තිදෙනකුගේ ඇටසැකිලි හඳුනාගැනීමට නියමිත බවද ඔහු පෙන්වාදුන්නේය.
එමෙන්ම මහාචාර්යවරයා පෙන්වාදුන්නේ තඹ මිශ්‍ර යමක් දිය වී යෑමෙන් ඇති වූ පැල්ලමක් කුඩා දරුවකුගේ අතේ තිබුණු බවයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart