
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ සහතික මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික අංශය වී මිලදී ගනිමින් සිටින බැවින් එයින් අදහස් වන්නේ රජයට සැලසුම් කර ඇති පරිදි වී තොග සුරක්ෂිත කර ගැනීමට නොහැකි වනු ඇති බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ.කේ.සේමසිංහ පවසයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පැවැසුවේය.
එහිදී යූ.කේ.සේමසිංහ පෙන්වාදුන්නේ නාඩු වී කිලෝවක් සඳහා රජයේ සහතික මිල රුපියල් 120ක් වුවද, පෞද්ගලික අංශය නාඩු වී කිලෝවක් ගොවියාගෙන් මිලට ගන්නේ රුපියල් 125 කට බවයි.
වැඩසටහන අතරතුර රූපවාහිනී නිවේදකයා පෙන්වාදුන්නේ මහාපරිමාණ මෝල් හිමියෙකු වන අරලිය මිල්ස් හිමිකරු ඩඩ්ලි සිරිසේන වී කිලෝවක් රුපියල් 120කට මිලදී ගන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 242 කට අලෙවි කිරීමට සිදුවන බව ප්‍රකාශ කර තිබූ බවයි.
කෙසේවෙතත්, කුඩා මෝල්කරුවන් වී කිලෝවක් රුපියල් 125 ට මිලට ගන්නේ නම් සහල් කිලෝවක් රුපියල් 225 කට අලෙවි කළ හැකි බව යූ.කේ සේමසිංහ පැහැදිලි කළේය.
ඉදිරි සති දෙක තුන තුළ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්කරුවන් විසින් නිෂ්පාදනය කරන ලද සහල් කිලෝවක් රුපියල් 200 සිට 205 දක්වා මිල ගණන් යටතේ වෙළෙඳපොළේ තිබෙනු දැකගත හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ අතර එම වැඩසටහනට එක්ව සිටි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ කේ.බී. ගුණරත්න පැවසුවේ ජාතික ජනබලවේගයේ
රජයට අත්දැකීම් නොමැති බැවින් ගැටලුව විසඳීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් සැකසීමට අසමත් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart