
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද උපරිම මිලට වී මිලදී ගැනීම් සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් විවෘතව පැවතියද වී ගොවීන් තම නිෂ්පාදන රජයට විකිණීමට මැලිකමක් දක්වන බව වාර්තා වේ.
ඒ, පෞද්ගලික අංශයේ ගැනුම්කරුවන් ඉහළ තෙතමන සහිත වී සඳහාත් වඩා හොඳ මිලක් ලබා දෙන බැවිනි.
හම්බන්තොට වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාර ඩී.ඉන්දික උපේන්ද්‍ර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, රජය විසින් ලබාදෙන මිලට වඩා වැඩි මිලට ගන්නා බැවින් ගොවීන් සිය වී තොග පෞද්ගලික වෙළෙඳුන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
රජය ඉකුත් දා නිවේදනය කළ පරිදි තෙතමනය මට්ටම් නියමිත මිලට සරිලන ලෙස නාඩු වී කිලෝවක් රුපියල් 120 කට සහ සම්බා වී කිලෝවක් සඳහා රුපියල් 125 ක මිලකට රජය විසින් මිලදී ගනු ලබයි.
මේ අතර, රිදියගම යෝජනා ක්‍රමයේ සහ බේරේගම ප්‍රදේශයේ ගොවීන් පවස්සන්නේ, අස්වනු නෙලීම ආරම්භ කර ඇති බැවින් අධික තෙතමනය තිබියදීත් පෞද්ගලික වෙළඳුන් පැමිණ කිලෝවකට රුපියල් 120 ක මිලක් යටතේ වී මිලදී ගන්නා බවයි.
එහෙත් රජයේ වී ගබඩා සඳහා වී තොග රැගෙන යා යුත්තේ ඒවා වියළා බවත්, තම වියදමින් ප්‍රවාහනය කරගත යුතු බවත් ගොවීහු පෙන්වාදෙති.
එබැවින් ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ තෙත වී සඳහා කමතේදීම ගෙවූ රුපියල් 120ක මිල ප්‍රමාණවත් බවයි.
මේ අතර අවම මිල ඉහළ දමන ලෙස ඉල්ලා ගොවීහු රජයට එරෙහිව විරෝධයක් එල්ල කරමින් සිටින බව ද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart