
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමල ගාන්ධි වෙරළ තීරය අසලදී ඊයේ (14 වැනිදා) තායිලන්ත භික්ෂු භික්ෂුණීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සංවිධානය කර තිබූ උත්සවය දෙමළ පක්ෂවල විරෝධය නිසා නවත්වා දැමීමට සිදුවිය.
තායිලන්ත භික්ෂු භික්ෂුණීන් 38 කගේ සහභාගිත්වයෙන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නාහිමියන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
ඒ මෙරට තුළ පරිහානියට පත්වූ උපසම්පදා විනය කර්මය සියම් දේශයේ සිට රැගෙන විත් ඊයේ (14 වැනිදා) දිනට වසර 270 ක් සපිරීම මුල්කරගෙනය.
ගාන්ධි වෙරළ තීරය අසල බෝධීන් වහන්සේලා සිව්නම පිහිටි ස්ථානයේ පිරිත් සජ්ඣායනය කර සියම් දේශයේ උපාලි නාහිමියන්ගේ පිළිමයක් එහි තැබීමට සංවිධානය කර තිබිණි.
එසේ තිබියදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් විසින් බුදු පිළිමය තැබීමට විරෝධය පළකරමින් ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති වෙත ලිපියක් යවා ඇත.
ඒ අනුව තායිලන්ත තානාපති කාර්යාලය විසින් තායිලන්ත භික්ෂූන් වෙත පිළිමය තැන්පත් කිරීමෙන් වළකින ලෙස දන්වා ඇත.
මේ සම්බන්ධව තායිලන්ත තානාපති හා ජනපතිවරයා දැනුවත් කළ බවත්, ඉන්පසුව පින්කම පැවැත්වීමට තිබියදී දෙමළ පක්ෂ ක්‍රියාකාරීන් විරෝධය පළ කර උත්සවය පැවැත්වීම කඩාකප්පල් කර ඇති බවත් සංවිධායකවරු පවසති.
(අරුණ පුවත්පත)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart