
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් නමැත්තාට විදේශගත වීම සඳහා ව්යාජ රාජ්යතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් සකස් කර දී ඇත්තේ පාස්කු ඉරු දින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් රඳවාගෙන ප්රශ්න කරනු ලබන හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ සහ අන්සාෆ් නමැති අය විසින් බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් ඊයේ (21) කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන හමුවේ අනාවරණය කළේය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නැගෙනහිර අණදෙන නිලධාරියකු වූ කරුණා අම්මාන් 2007 වසරේදී එංගලන්තයට ඇතුළු වී ඇත්තේ ‘කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන’ නමින් සකස් කරන ලද ව්යාජ රාජ්යතාන්ත්රික ගමන් බලපත්රයකිනි. එහිදී එංගලන්ත බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන සිරගත කර තැබීමෙන් අනතුරුව නැවත ශ්රී ලංකාවට පිටුවහල් කර තිබිණි.
අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ, මෙම ව්යාජ ගමන් බලපත්රය සකස් කර දී කරුණා අම්මාන්ව එංගලන්තයට යැවීමෙන් පසු ඔහුව හමුවීමට සුරේෂ් සලේ ද එංගලන්තයට ගොස් ඇති බවයි. එම හමුවීම සිදු වී දින දෙකකට පසුව එංගලන්ත පොලිසිය මඟින් කරුණා අම්මාන්ව අත්අඩංගුවට ගෙන ඇති අතර, අදාළ ගුවන් බලපත්රය ව්යාජ නීතිවිරෝධී එකක් බව එහිදී අනාවරණය වී තිබේ.
කෙසේවෙතත්, තමන් අදාළ විදේශ ගමන් බලපත්රය සකස් කර නුදුන් බවට සුරේෂ් සලේ ප්රකාශ කරමින් එම චෝදනා ප්රතික්ෂේප කරන බවත්, කරුණා අම්මාන් පවසන්නේ එය සුරේෂ් සලේ සහ දැනට විදේශ ගමන් තහනමකට ලක්ව සිටින අන්සාෆ් නැමැත්තා විසින් සාදා දුන් බවත්ය.
‘කෝකිල දුෂ්මන්ත ගුණවර්ධන’ නමැති පුද්ගලයකු රජයේ සේවයේ තබා භෞතිකව පවා සොයාගැනීමට නොමැති බව පෙන්වාදුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, මෙවැනි ව්යාජ ලේඛනයක් නිර්මාණය කළේ කෙසේද යන්න පිළිබඳ සම්පූර්ණ විස්තර හා ලියකියවිලි අවශ්ය බව පැවසීය.
එමෙන්ම දැනට පවතින තත්ත්වය අනුව සුරේෂ් සලේ යනු විදේශ ගමන් බලපත්ර සම්බන්ධයෙන් විශේෂඥයකු බවත්, ඔහු සතුව ද විදේශ ගමන් බලපත්ර දෙක තුනක් තිබී ඇති බවත් දිලීප පීරිස් වැඩිදුරටත් අධිකරණය හමුවේ අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart