
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන්, ඩෙංගු මදුරුවන් මර්දනය සඳහා බහුලව භාවිත කෙරෙන ‘මැලතියන්’ ආනයනය කිරීම ප්‍රමාද වීම විශේෂයෙන් ජනාකීර්ණ බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමට හේතුවන්නට ඇතැයි සැකකෙරේ.
මාස අටක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ මැලතියන් තොග අවසන්ව ඇති අතර, මෑතකදී ලීටර් 3000ක් පමණ ආනයනය කර ඇති බව පැවැසේ.
ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමේ ධූමායන ක්‍රම භාවිතය අත්හිටුවීම හේතුවෙන් රට පුරා ඩෙංගු රෝගීන්ගේ හදිසි වැඩිවීමක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති චෝදනා කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයට (NDCU) අනුව වසර ගණනාවක් පුරා ඩෙංගු මදුරුවා පරිණාමය වී ඇති අතර මදුරුවන්ගේ බෝවන ස්ථාන සහ උෂ්ණත්වය ද මේ වන විට විකාශනය වී ඇත.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ (AHP) සභාපති රවී කුමුදේශ් චෝදනා කරන්නේ, මීට පෙර සැලකිය යුතු මට්ටමකින් පාලනය වී තිබූ ඩෙංගු රෝගය වසංගතයක් බවට පත්වී ඇත්තේ ධූමායන කටයුතු නතර කළ අදාළ බලධාරීන්ගේ වගකීම් විරහිතභාවය හේතුවෙන් බවයි.
ඩෙංගු රෝගීන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ අත්‍යවශ්‍ය බවත්, නමුත් පරීක්ෂණ සඳහා රසායනාගාරවලට ප්‍රමාණවත් පහසුකම් ලබා දී නොමැති බවත් ඔහු පවසයි.
(themorning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart