
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වහාම ක්‍රියාත්මක වන පරිදි දැනට ක්‍රියාත්මක ගුරු මාරුවීම් වැඩසටහනට අනුකූලව ක්‍රියාකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලින් ඉල්ලා සිටී.
මේ සම්බන්ධයෙන් ලිපියක් අමාත්යංශය පෙරේදා (11) සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇත.
2022 වාර්ෂික සහ දස අවුරුදු ස්ථාන මාරුවීම් යටතේ නිකුත් කර ඇති ස්ථාන මාරුවීම් නියෝගවලට අනුව ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් සේවයෙන් නිදහස් කර නොමැති බවටත්, ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන්ට සේවයට වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදෙන බවටත් තොරතුරු වාර්තා වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරයි.
“මෙය නීතිවිරෝධී ක්‍රියාවක්. සියලුම විදුහල්පතිවරුන්ට ලබාදී ඇති ස්ථාන මාරුවීම් නියෝගවලට අනුව, ස්ථාන මාරුවීම් ලැබූ ගුරුවරුන් තම පාසල්වලින් කඩිනමින් නිදහස් කිරීමට කටයුතු කළ යුතුයි” අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.
තම පාසල්වල සේවයට වාර්තා කරන ගුරුවරුන්ට රාජකාරි භාරදීමට විදුහල්පතිවරුන් කඩිනමින් කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි.
ඉහත විධිවිධාන සකස් කිරීමෙන් පසු දින තුනක් ඇතුළත එම තොරතුරු තමා වෙත වාර්තා කරන ලෙස ලේකම්වරයා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart