
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු සැකකරුවන් ඇප මත මුදාහැර තිබේ.
කොළඹ මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල අධිකරණයට ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව ඇප නියෝගය ලබාදුන්නේය.
2014 දී ගංවතුර සහනාධාර සඳහා වෙන්කරන ලද රුපියල් මිලියන 6.1 ක මුදලක් අවභාවිත කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, බිංගිරිය සහ නාරම්මල ගංවතුරෙන් විපතට පත්වූවන්ට ආධාර ලබාදෙන මුවාවෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා මෙම අරමුදල් ලබාගෙන ඇත.
කෙසේවෙතත්, මෙම අරමුදල් 2015 දී ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා එල්ල වේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart