
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශීය යුද නෞකා, හමුදා ගුවන් යානා සහ පර්යේෂණ යාත්‍රා සඳහා මෙරටට පැමිණීමට රාජ්‍යතාන්ත්‍රික අවසරය ලබාදීම සඳහා පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය සංශෝධනය කිරීම සඳහා විදේශ අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා තිබේ.
ඉදිරියේදී නව සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටියක් සකස්කිරීම මෙම කමිටුවේ කාර්යයභාරය බව අමාත්‍ය විජිත හේරත් පවසයි.
ඉකුත් ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සිය මුහුදු සීමාවේ ක්‍රියාත්මක වන විදේශීය සාගර විද්‍යාත්මක පර්යේෂණ යාත්‍රා සඳහා වසරක තහනමක් පැනවීය.
තහනම තාවකාලිකව ඉවත්කර ඇති අතර, දැනට පවතින සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය යටතේ පර්යේෂණ යාත්‍රා සඳහා රාජ්‍යතාන්ත්‍රික අවසරය ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
යාවත්කාලීන කරන ලද මාර්ගෝපදේශ යටතේ පර්යේෂණ යාත්‍රාවලට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ සලසමින් කමිටුව විසින් සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය සංශෝධනය ඉක්මණින් අවසන් කරනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළකළේය.
විශේෂයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන චීන නෞකා සම්බන්ධයෙන් ඉන්දියාව නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.
ඒ සිය රටේ ජාථිය ආරක්ෂාවට තර්ජනයක් එල්ලවිය හැකි බව පවසමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart