
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන පරිදි සිදුකෙරෙන ප්‍රචණ්ඩ ක්‍රියා නැවැත්වීම සඳහා පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඇමැති මණ්ඩලය විසින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.
මැයි 09 අරගලයට අදට (09) වසරක් සැපිරෙන අතර, අද පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඇමැති බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.
ලෝක ඉතිහාසයට දරුණු කළු පැල්ලමක් එක්කළ ප්‍රචණ්ඩත්වයේ ඛේදවාචකයට අදට වසරක් සපිරෙන බව, එහිදී පැවසූ ඇමැතිවරයා, මෙවැනි තත්ත්වයක් යළි දිනක උදානොවීමට අවශ්‍ය පියවර ගත යුතු බව ද අවධාරණය කළේය. ඇමැතිවරයා එහිදී මෙසේද පැවැසීය.
“අපි ඉල්ලා සිටියා ජනාධිපතිතුමාගෙන් ප්‍රචණ්ඩ ප්‍රජාතන්ත්‍ර විරෝධී, තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති දේශපාලනයක් කරන්න, තමන් කැමති සංස්කෘතියක් වැළඳගන්න මනුෂ්‍යායට තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා තියෙන, මිනිස්සුන්ට නිදහසේ ගමන්බිමන් යාමට සහ තමන්ගේ නිවස තුළ ජීවත්වීමට තියෙන අයිතිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන ආකාරයෙන් කරන ප්‍රචණ්ඩත්වයන් නැවැත්වීමට පූර්ණ බලතල ඇති ජනාධිපති කොමිසමක් පත්කරන්න කියලා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart