
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ට එරෙහිව ඩකා අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.
ඊට අදාළ නීතීඥයන් උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය මේ බව වාර්තා කර තිබේ.
එම වාර්තා පවසන්නේ, ෂකීබ් අල් හසන්ට චෝදනා එල්ල වන්නේ, මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බවයි.
අධිකරණ නියෝගය නොතකා අධිකරණයේ පෙනීනොසිටීම හේතුවෙන් ෂකීබ් අල් හසන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇති බව නීතීඥයෝ පවසති.
ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අක් හසන් IFIC Bank PLC වෙතින් ඔහුට අයත් Shakib Al Hasan Agrofram Limited සඳහා කෝටි හතරකට අධික ණයක් ලබා ගෙන ඇතැයි පැවසේ.
ෂකීබ් ණය වාරික නොගෙවා ගෙවීම් පැහැර හැරීමෙන් පසු ඇපකර චෙක්පත තැන්පත් කර මුදල් ආපසු ගැනීමට බැංකුවට අවශ්‍ය වූ බව නීතිඥවරු පවසති.
මෙම ඇපකර චෙක්පතට Shakib Al Hasan Agrofarm Limited හි සභාපති ලෙස ශකීබ් අත්සන් කර ඇතැයි පැවසේ.
එහෙත් චෙක්පත අගරු වූ බැවින් බැංකු නියෝජිතයා පසුව ෂකීබ්ට එරෙහිව නඩුවක් ගොනුකර තිබේ.
මේ අතර, පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩකයා ඉහළ පෙළේ දේශීය හා අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩාවේ පන්දුයැවීම අත්හිටුවීමෙන් පසු දෙවැනිවරටත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයක් අසාර්ථක වීම හේතුවෙන් දැඩි අවධානයට ලක්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart