
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් මැලේසියාවේ පැවත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ අද සමත්වූහ.
තරගාවලියේ ආරම්භක දිනය වූ අද සත්කාරක මැලේසියානු යොවුන් ක්‍රීඩිකාවන් ලකුණු 139කින් පරාජය කරමින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවෝ මෙම ජය වාර්තා කළහ.
ක්වාලාලම්පූර් හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 162ක් රැස්කළහ.
එහිදී දහමි සෙනෙත්මා ලකූණු 55යි වාර්තා කළාය.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ මැලේසියානු යොවුන් කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 1ක් අවසානයේ සියලුදෙනා ලකුණු 23කට දැවීගියේය.
චමෝදි ප්‍රබෝදා කඩුලු 03ක් සහ මනුදි නානායක්කාර හා ලිමන්සා තිලකරත්න කඩුලු දෙක බැගින් බිඳහෙළූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart