
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආදායම් බලපත්ර පසුගිය වසර 05 ඇතුලත ලබාගෙන නොමැති වාහන අසාදු ලේඛනගත කර මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතියෙන් ඉවත්කිරීමට තීරණය කර ඇත.
විශේෂ ප්රකාශයක් කරමින් මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මේ බව සඳහන් කළේය.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ මේ වනවිට වාහන ලක්ෂ 83ක ප්රමාණයක් ලියාපදිංචි වී ඇත. එහෙත් QR කේතය හරහා ලියාපදිංචි වී ඇත්තේ ඉන් වාහන ලක්ෂ 60ක පමණ ප්රමාණයක් බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා පෙන්වාදෙයි.
ඒ අනුව වසර 05කට වඩා අඛණ්ඩව ආදායම් බලපත්ර ලබානොගෙන ඇති වාහන සොයා දිස්ත්රික් මෝටර් රථ පරීක්ෂකවරු හරහා එම වාහන තොරතුරු පද්ධතියෙන් ඉවත්කරන බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart