
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා A කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණ දෙන තරගාවලිය සඳහා 17 දෙනකුගෙන් යුත් මූලික සංචිතයට නම්කර ඇති බව වාර්තා වේ.
දිනූෂ මෑත කාලීන සමාජ තරඟාවලියේදී අඛණ්ඩව ශතක ලබාගනිමින් සහ ශ්‍රී ලංකා A කණ්ඩායමේ පාකිස්ථාන සංචාරයේදී ස්ථාවර දස්කම් දක්වමින් සිටී.
24 හැවිරිදි දඟපන්දු යවන්නකුද වන දිනූෂගේ පන්දු යැවීමේ සාමාන්‍යය 23 ක් සහ පළමු පන්තියේ පිතිකරණ සාමාන්‍යය 40 කි.
වාර්තාවලට අනුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟ දෙකකින් යුත් තරගාවලිය සඳහා සංචිතයට අලුතින් එක්වන එකම ක්‍රීඩකයා දිනූෂ වනු ඇත.
පැතුම් නිශ්ශංක සංචිතයට ඇතුළත් කර ඇති අතර, ඔහු ශරීර යෝග්‍යතා තක්සේරුවක් බලාපොරොත්තුවෙන් සිටී. ඔහු නිසි යෝග්‍යතාවකින් පසුනොවේ නම්, ඔහු වෙනුවට ඕෂධ ප්‍රනාන්දු එන ස්ථානයට නම්කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart