
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුරු පළාතේ ධීවර නියෝජිතයන් සහ ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
උතුරු පළාතේ ධීවර ගැටලු විසඳීම කෙරෙහි මෙම රැස්වීමේදී අවධානය යොමු කරනු ඇත.
ඉලංකෙයි තමිල් අරසු කච්චි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් පසුගිය දිනක ඉන්දියාවේදී ස්ටාලින් හමුවී ඇති අතර, එහිදී ඔහු ශ්‍රී ලංකාවේ ධීවරයන්ගේ ගැටලු පිළිබඳ ස්ටාලින්ට දැනුම් දී තිබේ.
මෙම කාරණය විසඳීම සඳහා විශේෂයෙන් වෙනම සාකච්ඡාවක් සංවිධානය කළ යුතු බවට ස්ටාලින් එහිදී යෝජනා කර ඇත.
ඒ අනුව, උතුරු පළාතේ ධීවර සංගම්වල නියෝජිතයන් හත් දෙනෙකු අදාළ සාකච්ඡාවට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart