
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමැති වගකීම් නොදරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ භාවිතය සඳහා වාහන හිඟයක් පවතින බැවින් ඔවුන් සඳහා ද්විත්ව කැබ් රථ ආනයනය කළ යුතුද නැතහොත් වෙනත් ආකාරයකින් ඒවා සොයා ගත යුතුද යන්න පිළිබඳ ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.
අතීතයේ දී මෙන්, තීරුබදු රහිත ආනයන බලපත්‍ර ලබා දීම වෙනුවට මන්ත්‍රීවරුන්ට වාහන පැවරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ.
එසේම, වියදම් අඩු කිරීමේ පියවරක් ලෙස රජය ඔවුන්ට සුඛෝපභෝගී වාහන ලබා නොදීමට ද තීරණය කර ඇත.
ඒ අනුව රජය සතුව ඇති සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල සඳහන් කරයි.
“අපට ප්‍රමාණවත් තරම් සුඛෝපභෝගී වාහන තිබෙනවා. නමුත්, අපගේ ප්‍රතිපත්තියට අනුව ඒවා මන්ත්‍රීවරුන්ට ලබා දිය නොහැකියි. සුඛෝපභෝගී වාහන සමූහය සම්බන්ධයෙන් තක්සේරු කිරීම දැන් සිදුවෙමින් පවතිනවා. අපි පසුව ඒවා වෙන්දේසි කරනවා. කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට දෙන්න අපට ද්විත්ව කැබ් රථ නැහැ. අපගේ මන්ත්‍රීවරුන් 100කට වැඩි පිරිසකට නිසි වාහන පහසුකම් නැහැ. වෙන්දේසිය අවසන් වුණාට පස්සේ අපි තීරණයක් ගන්නවා, ” යනුවෙන් ඔහු පැවසීය.
වත්මන් සීමාවන් ලිහිල් කළ පසු ඔවුන්ගේ භාවිතය සඳහා ද්විත්ව කැබ් රථ ආනයනය කරන්නේද යන ප්‍රශ්නයකට ඔහු සඳහන් කර ඇත්තේ එවැනි තීරණයක් තවමත් ගෙන නොමැති බවයි.
“අපේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනා පළමු වරට පාර්ලිමේන්තු පැමිණි අය. පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගී වීම සඳහා කොළඹට එන්න ඔවුන් භාවිත කරන්නේ තමන්ගේම වාහන. ග්‍රාමීය ප්‍රදේශවලින් එන සමහර මන්ත්‍රීවරුන් දෙතුන්දෙනා එකම වාහනයක එන්නේ. එය දැවෙන ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා,” යැයි ඔහු පැවසීය.
කෙසේවෙතත්, ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස සේවය කරන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට වාහන වෙන් කර තිබේ.
ජාතික ජන බලවේගය ප්‍රමුඛ නව රජය මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීමේ ප්‍රතිපත්තිය ඉවත් කළ අතර අතීතයේ දී, මන්ත්‍රීවරු මෙම බලපත්‍ර තීරුබදු සහන යටතේ සුඛෝපභෝගී වාහන ආනයනය කිරීම සඳහා ව්‍යාපාරිකයන්ට විශාල මුදලකට විකිණීමට පුරුදුව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart