
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පරිවාස කාලය හෝ සම්පූර්ණ නොකරන ලද නවක රියදුරු සහායකයකු අංගන පරිශ්‍රයක් තුළ දී දුම්රිය ශන්ටින් රියදුරකුගේ අනුදැනුම මත දුම්රියක් ධාවනය කරවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අවධානය යොමුකර තිබේ.
ලිපියක් යොමුකරමින් එම සංගමය පවසා ඇත්තේ මෙම සිදුවීම දුම්රිය දෙපාර්තමේන්තු නීති රෙගුලාසි සහ දුම්රිය ආරක්ෂක නීති දැඩිව උල්ලංඝනය කිරීමක් බවයි.
නිසි අධීක්ෂණ නිලධාරියකු නොමැතිව අනුමත නොකළ පුහුණුව ලබා දීමක් සහ නිසි ලෙස බලය නොපවරන ලද එමෙන්ම අනුමැතිය නොලද රාජකාරි හුවමාරු කර ගැනීමක් සහ රාජකාරි ආවරණය කිරීමක් මෙහිදී සිදුවී ඇති බව ද එම සංගමය පවසයි.
මෙය ඊට හවුල්කාර පිරිස් සමග සේවයෙන් පහ කිරීමට තරම් බරපතළ වරදක් බව එම සංගමයේ අදහසයි.
මෙම සිදුවීම මගින් දුම්රිය දේපළ බරපතළ ලෙස අනතුරේ හෙළීමක් සිදුවී ඇති බවද එම සංගමය පවසයි.
ඒ අනුව එම සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම සංගමයට සියලු දෙපාර්තමේන්තු ඉහළ බලධාරීන් සමග නුදුරු දිනක සාකච්ඡාවක් ලබා දීමට කටයුතු කරන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart