
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම නිවස අසලදී සංවිධානය කරන ලද කඩල දන්සලකට, පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ ඊයේ(05) සහභාගි විය.
හිටපු ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුවේ ඊට අදාළ ඡායාරූප පළකර ඇත.
ශෂී වීරවංශ හිටපු ජනාධිපතිවරයාට වෙසක් දන්සලේ කඩල බෙදන අයුරු එහි දැක්වේ.
විමල් වීරවංශ සහ තවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) මන්ත්රීවරු කිහිපදෙනෙක් පසුගිය වසරේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරු ලෙස වාඩි වූහ.
විමල් විරවංශ පොදුජන පෙරමුණට එක්වීම සඳහා මේ දිනවල සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව දේශපාලන ලෝකයේ ආරංචි මාර්ග සනදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart