
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාවේ මුම්බායි හි නාවික හමුදා ළමා පාසලේ 12 වසරේ ඉගෙනුම ලබන කාම්‍යා කාර්තිකේයන් මහාද්වීප හතක් හරහා උසම කඳු මුදුන් හතක් තරණය කළ ලොව ළාබාලතම කාන්තාව බවට පත්වෙමින් ඉතිහාසගත වී ඇත.
17 හැවිරිදි මෙම වික්‍රමාන්විත කඳු නගින්නිය අප්‍රිකාවේ කිලිමන්ජාරෝ කන්ද, යුරෝපයේ එල්බ්‍රස් කන්ද, ඕස්ට්‍රේලියාවේ කොස්කියුස්කෝ කන්ද, දකුණු ඇමරිකාවේ ඇකොන්කාගුවා කන්ද, උතුරු ඇමරිකාවේ ඩෙනලි කන්ද, ආසියාවේ එවරස්ට් කන්ද සහ ඇන්ටාක්ටිකාවේ වින්සන් කන්ද තරණය කර මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබේ.
ඇය ඇන්ටාක්ටිකාවේ වින්සන් කඳු මුදුණට ළඟාවූයේ දෙසැම්බර් 24 වන දින චිලී සම්මත වේලාවෙන් පැය 1720 ට ඇගේ පියා වන ඉන්දීය නාවික හමුදා නිලධාරී එස්. කාර්තිකේයන් සමඟ බව ඉන්දීය නාවික හමුදාව පවසයි.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය සාක්ෂාත් කරගැනීම පිළිබඳව ඉන්දීය නාවික හමුදාව කාම්‍යා කාර්තිකේයන් සහ ඇගේ පියාට සුබපැතුම් එක් කර තිබේ.
මුම්බායි හි නාවික හමුදා ළමා පාසල ද 17 හැවිරිදි කාම්යාට සුබ පැතූ අතර, ඇය බාධක බිඳදමමින් නව සංධිස්ථානයකට පැමිණීම පාසලට ද සඳහා ඉමහත් ආඩම්බරයක් බව සඳහන් කර ඇත.
කාම්‍යා කාර්තිකේයන් එවරස්ට් කන්ද තරණය කරන විට 16 හැවිරිදි වියේ පසුවිය.
ඇය උත්තරාකාන්ද් හි පළමු කඳු තරණයට එක්ව ඇත්තේ වයස අවුරුදු 7 දීයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart