
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද උදෑසන දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණුකොළපැලැස්ස සහ බරවකුඹුක අතරදී මී හරක් තිදෙනකු ගැටීමෙන් මෝටර් රථයක්, බස් රථයක් සහ ලොරි රථයකට හානි සිදුවී ඇති බව අගුණුකොළපැලැස්ස පොලිසිය පවසයි.
අලුයම 4:30 ට අධිවේගී මාර්ගයේ 177 වන සැතපුම් කණුව අසලදී මෙම සිදුවීම සිදු වූ බව වාර්තා වේ.
වාහන අඟුණුකොළපැලැස්ස සිට මත්තල දෙසට ගමන් කරමින් සිටියදී මී හරක් රංචුවක් අධිවේගී මාර්ගය හරහා ගමන් කර ඇත.
ඉදිරිපසින් පැමිණි මෝටර් රථය මී හරක් තිදෙනෙකුගේ ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති අතර, පසුව බස් රථයක් සහ පිටුපසින් පැමිණි ලොරි රථයක් ද ගැටී ඇති බව පොලිසිය කියයි.
මී හරක් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, එක් සත්වයකු තුවාල ලබා තිබේ.
අනතුරින් මෝටර් රථයට බරපතල හානි සිදුව ඇත.
විනෝද චාරිකාවක් සඳහා පිරිසක් රැගෙන ගිය බස් රථයක් ද එහිදී අනතුරට ලක්ව ඇති නමුත් මගීන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.
අඟුණකොළපැලැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart